ඇල්කොහොල් ඩිලිවරි සේවා සඳහා ක්වීන්ස්ලන්ඩ් නව රෙගුලාසි

ඇල්කොහොල් ඩිලිවරි සේවා සඳහා නව රෙගුලාසි පැණවීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඒ අනුව මත්පැන් ඇණවුම් කරන පුද්ගලයන්ගේ වයස තහවුරු කරගැනීම අනිවාර්ය කිරීම ඇතුලු සංශෝධන කිහිපයක් හඳුන්වාදීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ මත්පැන් ඩිලිවරි සේවා සඳහා සරලම නීති පවතින ප්‍රාන්තයක් ලෙසයි ක්වීන්ස්ලන්ඩ් සැළකෙන්නේ.

එබැවින් ඇතැම් අවස්ථාවලදී බාලවයස්කරුවන් පවා මත්පැන් ඔන්ලයින් ක්‍රමයට මිළදී ගන්නා අවස්ථා පවතින බව සඳහන්.

පසුගිය වසර 02 තුළදී වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත විසින්ද ඔන්ලයින් මත්පැන් අලෙවි කිරීම් සම්බන්ධයෙන් දැඩි රෙගුලාසි පණවනු ලැබුවා.

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »