Search

Ausලංකා TV/ Radio – Ausලංකා TV Tickets – Ausලංකා TV News අද සිට AusLanka Media Network ලෙස ඉදිරියට

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV සහ Ausලංකා Radio ඇතුළත් AusLanka Media Network තවත් පියවරක් ඉදිරියට තබා තිබෙනවා.

ඒ Ausලංකා TV – Ausලංකා Radio – Ausලංකා TV News – NewsSpicy සහ Ausලංකා TV Tickets යන සියලු අංශ මින් ඉදිරියට AusLanka Media Network ලෙසින් ක්‍රියාත්මක වනු ඇති.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙන මීට වසර 03 කට ඉහතදී ආරම්භ කරනු ලැබූ Ausලංකා ටීවී කෙටි කලක් තුළදී ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත් එකම ඩිජිටල් සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යය බවට පත්වී තිබේ.

අපගේ ෆේස්බුක් පිටුව වන වෙත මාසයකට මිලියන 04 කට අධික ප්‍රතිචාරයක් හිමිවී තිබීම ඊට කදිම නිදසුනකි.

දිනපතා රාත්‍රී 08 ට ගෙන එන දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයට මෙන්ම පැය 24 පුරා උණුසුම් පුවත් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ලාංකිකයන්ගේ ප්‍රමුඛතම තේරීම බවට Ausලංකා TV ප්‍රවෘත්ති පත් වී ඇත.

දෛනිකකව ෆේස්බුක් ඇතුලු සමාජ ජාල හරහා අප වෙත සම්බන්ධ වන අති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාව ඊට සාක්ෂි දරයි.

එමෙන්ම මෙල්බන් හි C31 නාලිකාව හරහා Ausලංකා TV ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් නැරඹිය හැකියි.

එමෙන්ම අප වටා දැනට ඒකරාශී වී සිටින අනුග්‍රාහක භවතුන් අති විශාල සංඛ්‍යාවද Ausලංකා TV හි සාර්ථකත්වයට ප්‍රබල පිටිහලක් සපයමින් සිටී.

පසුගිය ජනවාරි මාසයේදී ආරම්භ කල Ausලංකා Radio මාස 05 ක් වැනි කෙටි කාලයකදී ඉහළම ශ්‍රාවකයන් පිරිසක් ගොණු කර ගැනීමට සමත්ව සිටින අතර මාසයකට ලක්ෂ 02 කට අධික ශ්‍රාවක සංඛ්‍යාවක් හිමිකර ගෙන තිබේ.

දැනට ඔස්ට්‍රේලියාවේ ලාංකිකයන්ට පැය 24 පුරා සවන්දිය හැකි එකම සිංහල නාලිකාව වන්නේද Ausලංකා රේඩියෝ පමණි.

ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක සිට ALEXA – AusLanka LIVE ජංගම දුරකථන ඇප්ලිකේෂනය හරහා හෝ අන්තර්ජාලය ඔසසේ ඊට සවන්දිය හැකියි.

auslankatv.com වෙබ් අඩවියට දෛනිකව පිවිසුම් වාර 10,000 – 15,000 ඉක්මවා සටහන් වී ඇත.

ඉංග්‍රීසි භාෂා පරිශීලකයන් වෙනුවෙන් NewsSpicy ෆේස්බුක් පිටුව හරහා දිනපතා පුවත් යාවත්කාලීන කෙරේ.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රසංගවල ප්‍රවේශපත්‍ර මිළදී ගත හැකි පහසුම ස්ථානය බවට මේ වනවිට Ausලංකා TV Tickets පත්වී ඇත.

Ausලංකා ටීවී සහ රේඩියෝ විසින් මාධ්‍ය අනුග්‍රහය සපයන සියලු ප්‍රසංගවල ටිකට්ස් ඒ හරහා ඉතාම පහසුවෙන් මිළදී ගත හැකිය.

එමෙන්ම ප්‍රසංග සංවිධායකයන් විශාල පිරිසක් ඉදිරියේ පැවැත්වෙන ප්‍රසංගවල ප්‍රවේශපත්‍ර Ausලංකා ටීවී ටිකට්ස් හරහා අලෙවි කිරීමටද සූදානමින් සිටී.

ඉදිරි මාස 02 තුළදී Ausලංකා ටීවී ප්‍රමුඛ විසින් තවත් නවමු අත්දැකීම් රැසක් ලාංකික ප්‍රජාව වෙත ගෙනඒමට දැනටමත් සැළසුම් සකස් කර අවසන් බවද ශ්‍රාවක සහ ප්‍රේක්ෂක ඔබ වෙත දැනුම් දෙනු ලබන්නේ ආඩම්බරයෙනි.

Ausලංකා TV Facebook – https://www.facebook.com/auslankatvpage

Ausලංකා Radio Facebook – https://web.facebook.com/auslankaradio

Ausලංකා TV YouTube – https://www.youtube.com/@auslankatv-austv2028

Ausලංකා Radio LIVE Listen – https://play.radioking.com/radio/auslanka-radio

AusLanka LIVE App download –

Ausලංකා TV Tickets – https://www.auslankatv.com/tickets

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »