සේවක වැටුප් අඩුවෙන් ගෙවීම ගැන Coles සමාව අයැදී

තම සේවකයන්ට නියමිත වැටුප් අඩුවෙන් ගෙවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Coles විසින් සමාව අයැද තිබෙනවා.

2021 වසරේ සිදුකල සමාලෝචනයකදී අනාවරණ වී තිබුණේ Coles සේවකයන්ට හිමි වැටුප් ඩොලර් මිලියන 25 ක් පමණ අඩුවෙන් ගෙවා ඇති බවයි.

කෙසේවෙතත් එම මුදල ඩොලර් මිලියන 50 ක් වැනි ඉහළ අගයක් ගන්නා බව Coles සුපිරි වෙළඳසැල් ජාලය අද නිකුත් කර ඇති වාර්තාවක සඳහන්.

කළමණාකරුවන් ඇතුලු සියලු අංශවල සේවකයන්ට මෙලෙස අඩු වැටුප් ගෙවා ඇති බවද සඳහන්.

බහුතරයකට මුහුණපෑමට සිදුවී තිබුණේ සේවා මුරයේදී නියමිත කාලයට වඩා වැඩියෙන් රැකියාවේ නිරත වුවද එම අමතර කාලයට හිමි වැටුප් නොලැබීම බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »