ALDI නැවත භාවිත ප්ලාස්ටික් බෑග් ද භාවිතයෙන් ඉවතට

නැවත භාවිත කල හැකි ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් ඉවත් කිරිමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳ සැල් ජාලයක් වන ALDI ද තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට සත 25 ක් වටිනාකමැති කඩදාසි බෑගය ප්‍රචලිත කිරීම ආරම්භ කරන බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

සත 99 ක වටිනාකමින් යුත් නැවත භාවිත ප්ලාස්ටික් බෑගය තවදුරටත් අලෙවි කෙරෙන බවද ALDI දන්වා සිටිනවා.

වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 888 ක් පරිසරයට එකතුවීම වළක්වාලීමයි මෙහි මූලික අපේක්ෂාව වී ඇත්තේ.

Coles – Woolworths සහ Big W යන සුපිරි වෙළඳසැල් විසින්ද මේ වනවිට ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් ඉවත් කරලීම ආරම්භ කර තිබෙනවා.

2025 වසර වනවිට අවම වශයෙන් සියයට 25 කින් හෝ එවැනි ප්ලාස්ටික් බෑග් භාවිතය අඩු කිරීමයි ALDI හි සැළසුම වන්නේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »