Search

ටයිටැනික් ගායිකා සෙලීන් ඩියෝන් ආන්දෝලනාත්මක තීරණයක් ගනී

ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක වන සෙලීන් ඩියෝන් විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලූම ප්‍රසංග අවලංගු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇය දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන අතර අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම අවලංගු කිරීම් සිදුකර ඇති බවයි.

මේ අනුව සෙලීන් ඩියෝන් මෙම වසරේ සහ ලබන වසර සඳහා නියමිත සියලූම සංදර්ශන හා සංචාර අවලංගු කර ඇති බව සඳහන්.

ට්විටර් සටහනක් තබමින් 55 හැවිරිදි ඇය රසිකයන්ට පවසා ඇත්තේ ඔවුන් අපහසුතාවයට පත්වීම ගැන කණගාටු වන බවයි.

සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනය හමුවේ සෙලීන් ඩියෝන් අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »