ක්වීන්ස්ලන්ඩ් e-දුම්වැටි තුළ අහිතකර රසායනික ද්‍රව්‍ය රැසක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අලෙවි කරන ඉලෙක්ට්‍රොනික දුම්වැටි තුළ බැර ලෝහ අඩංගු බවට තහවුරු වී තිබෙනවා.

ප්‍රාන්ත රජය විසින් පත්කරනු ලැබූ සෞඛ්‍ය සහ පරිසර කමිටුවක් විසින් අහඹු ලෙස ලබාගත් සාම්පල් 17 ක් ආශ්‍රිත විශ්ලේෂණ වාර්තාවක් එළි දක්වමිනුයි ඔවුන් මේ බව අනාවරණය කර ඇත්තේ.

අදාළ -දුම්වැටි තුළ නිකොටීන් – ආසනික් – සින්ක් – නිකල් වැනි මිනිස් සිරුරට ඉතා අහිතකර මූලද්‍රව්‍ය අධි ප්‍රමාණයන්ගෙන් අන්තර්ගතව පවතින බවද රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් නීතියට අනුව නිකොටීන් අඩංගු ඉලෙක්ට්‍රොනික දුම්වැටි මිළදී ගැනීමද නීති විරෝධී වනවා.

සෞඛ්‍ය විද්වතුන් විසින් අනුමැතිය ලබාදෙන e-දුම්වැටි පමණක් ජනතාවට මිළදී ගත හැකියි.

අනවසර ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් පසුගිය සතියේදී දැඩි නීති මාලාවක්ද පණවනු ලැබුවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »