වික්ටෝරියා regional ප්‍රදේශයක මාරක රිය අනතුරකින් 04 ක් මරුට

වික්ටෝරියා regional ප්‍රදේශයක සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවන් 04 දෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

රියදුරාට මෝටර් රථයේ පාලනය අහිමවී ගොස් එය ගසක ගැටීමෙන් අද පෙරවරු 09.30 ට පමණ මෙම අනතුර සිදුව තිබූ බව සඳහන්.

වික්ටෝරියා බටහිර ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරත් සමග අදාළ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

තුවාල ලැබූ 05 වැන්නාගේ තත්වයද බරපතල බවයි පැවසෙන්නේ.

https://www.9news.com.au/national/bochara-hamilton-crash-four-women-killed-car-accident-victoria-news/0af0cefc-5cbc-4dca-b770-3bf831a6f3e6

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »