ලාංකීය ඇගලුම් brand එකක් ඔස්ට්‍රේලියාව කළඹයි

ඔස්ට්‍රේලියාව තුළ ඇගලුම් ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් Chamzz සන්නාමය යටතේ ඉතාම උසස් අනර්ඝ සහ ගුණාත්මකභාවයෙන් යුත් ඇගලුම් ඔස්ට්‍රේලියානු වෙළඳපොළට නිල වශයෙන් හඳුන්වාදීම අද සිදු කෙරුණා.

පළමු අධියරේදී www.chamzz.com වෙබ් අඩවිය හරහා ඇණවුම් සිදුකල හැකි අතර ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව පුරා වෙළඳසැල් මගින්ද මිළදී ගැනීම් සිදුකල හැකි පරිදි පහසුකම් සැළසෙනු ඇති.

ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තය ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක් ගන්න බව සියල්ලනම් දන්නා කරුණක්.

ශ්‍රී ලංකාවේ ඇගලුම් නිෂ්පාදන පිටරටට අපනයනය කර ලොව ජයගත් සමාගම් ගණනාවක් පවතිනවා.

අද සිට Chamzz ඔබ වෙත පැමිණෙන්නේ ගුණාත්මක ශ්‍රී ලාංකික ඇඳුම් ඔස්ට්‍රේලියාවට සහ ඉදිරියේදී අනෙකුත් රටවලටද ව්‍යාප්ත කරන අන්තර්ජාල වේදිකාවක් බවට පත්වෙමිනුයි.

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් කැමති ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඇඳුම් වෙළඳනාම කවරේද යන්න සොයා බැලීම සඳහා මීට කලකට පෙර සමීක්ෂණයක් සිදුකරනු ලැබුවා.

මීට අමතරව, අද්විතීය සන්නාමයක් බවට පත්වන Chamzz ද අද නිල වශයෙන් හඳුන්වාදීම සිදුකෙරනවා.

අනාගතයේදී තවත් බොහෝ වෙළඳ සන්නාම www.chamzz.com සමග සම්බන්ධ වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉතා පහසුවෙන් උසස්ම තත්ත්වයේ ඇඳුම් ලබාදීම chamzz හි ප්‍රධාන අරමුණයි.

ඇණවුමක් ලබා දී දින කිහිපයක් ඇතුළත ඔබේ නිවසටම ඇණවුම් භාර දීමට chamzz සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ඇඳුම් ආනයනය කිරීමේදී පාරිභෝගිකයන්ට දැරීමට සිදුවන අධික පිරිවැය අවම කර ගැනීම www.chamzz.com වෙබ් අඩවිය හරහා අපේක්ෂිත ප්‍රධාන අරමුණක්.

මූලික පියවර වශයෙන්, Chamzz විසින් කාන්තා ඇඳුම් හඳුන්වා දෙන්නේ ප්‍රධාන වශයෙන් කාර්යාලීය ඇඳුම් කෙරෙහි අවධානය යොමු කරමිනුයි.

ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තය නංවාලීම සඳහා රටට ඩොලර් ලබා දීම chamzz හි ප්‍රධාන ඉලක්කයකි.

chamzz හි මීළග ඉලක්කය වන්නේ ඕස්ට්‍රේලියාව පුරා ප්‍රමුඛ පෙළේ වෙළඳසැල් හරහා වෙළඳපල පුළුල් කර ශ්‍රී ලාංකික නිෂ්පාදන එකම තැනකින් මිළදී ගැනීමට අවස්ථාව සැලසීමයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »