Search

ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන සමාගම් 200 ක් ණය ගෙවාගත නොහැකිව බංකොලොත්

ඔස්ට්‍රේලියාවේ ට්‍රක් රථ හිමිකරුවන් ගැටලු රැසකට මුහුණදී සිටින බවට අනාවරණය වනවා.

සේවක හිගය මෙන්ම ඉන්ධන ගාස්තු ඉහළ අගයක පැවතීම ඉන් ප්‍රමුඛ වන බවටයි හෙළි වී ඇත්තේ.

ට්‍රක් රථ ප්‍රවාහන කර්මාන්තයට සම්බන්ධ සමාගම් 200 ක් පමණ පසුගිය වසරේදී ණය ගෙවාගත නොහැකිව බංකොලොත් තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවද සඳහන්.

ඉන්ධන මිළ ණන් වැඩිවීමත් සමගම තවත් වියදම් රැසක ඉහළයාම දරාගත නොහැකි මට්ටමකට ළගාවී ඇති බවයි ට්‍රක් රථ හිමිකරුවන් අවධාරණය කරන්නේ.

මෙම ගැටලුව විසඳාලීම සඳහා ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් එක්ව කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමේ වැදගත්කමද ඔවුන් පෙන්වා දෙනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »