Search

2022 ඔස්ට්‍රේලියාවේ මරණ සංඛ්‍යාවේ ඉහළයාමක්

පසුගිය වසරේදී තක්සේරු කල සංඛ්‍යාවට වඩා මරණ 20,000 ක් පමණ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

ඉන් බහුතරයකට හේතුව කොවිඩ් වෛරසය බවයි සඳහන් වන්නේ.

2022 වසර ආරම්භයේදී ගණන් බලා තිබුණේ ඔස්ට්‍රේලියාව තුළ මරණ 172,000 ක් සටහන් වනු ඇති බවටයි.

කෙසේවෙතත් අපේක්ෂා කල මරණ සංඛ්‍යාවට වඩා සියයට 12 ක අමතර මරණ සංඛ්‍යාවක් පසුගිය වසරේදී මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඉන් මරණ 10,300 කට පමණ හේතුව කොවිඩ් වෛරසය වැළඳීමයි.

Northern Territory හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම අපේක්ෂා කල මරණ ගණනට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් පසුගිය වසරේදී සටහන්ව තිබීම විශේෂත්වයක්.