වසර 02 කදී ඔස්ට්‍රේලියානු නාවික සාමාජිකයන්ට එරෙහි පැමිණිලි 700 ක්

වසර 02 ක් තුළදී ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා සාමාජිකයන්ට එරෙහි පැමිණිලි 700 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

ලිංගික හිංසන – විවිධ අඩන්තේට්ටම් සහ අතවර චෝදනා ඒ අතර වන බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයන් සියදිවි හානිකර ගැනීම් පිළිබඳ සෙවීමට පත්කල රාජකීය කොමිසම පර්ත් හිදී රැස්වූ අවස්ථාවේදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙලෙස චෝදනා ලැබූවන් අතර නාවික හමුදාවේ ඉහළම නිලධාරීන් පවා සිටීම විශේෂත්වයක්.

මෙම කරුණු විමසීම හෙටින් අවසන්වීමට නියමිතයි.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »