Woolworths භාණ්ඩ 450 ක මිළ මාස 03 කට අඩු කෙරේ

ශීත සෘතුව ඉලක්ක කර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 450 කට වැඩි ප්‍රමාණයක මිළ ගණන් අඩු කිරීමට වූල්වර්ත්ස් සුපිරි වෙළඳසැල් ජාල තීරණය කර තිබෙනවා.

අද සිට මාස 03 ක් එනම් ලබන අගෝස්තු 22 වනදා දක්වා එම මිළ අඩු කිරිම් බලාත්මක වනු ඇති.

ශීත සෘතුවේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නා ආහාර වර්ග රැසක මිළ ගණන් මෙහිදී සියයට 19 කින් පමණ අඩු කර තිබීම විශේෂත්වයක්.

තමන්ගේ ප්‍රධානතම කණස්සල්ල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළයට ගැනීම බවට ඔස්ටේ‍රලියානුවන් අතුරින් සියයට 43 ක් පසුගියදා පවසා තිබුණා.

ඉහළ යන උද්ධමනය හමුවේ භාණ්ඩ මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළයාම ඊට ප්‍රධාන හේතුවයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »