Buy Now Pay Later සේවා සඳහා අද සිට දැඩි රෙගුලාසි

පළමුවෙන් භාණ්ඩය ගෙන පසුව මුදල් ගෙවීම හෙවත් Buy Now Pay Later (BNPL) සේවා සඳහා දැඩි රෙගුලාසි පැණවීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Afterpay සහ Zip වැනි සේවා භාවිත කරන මිලියන 07 කට ආසන්න පිරිසකට මෙම නව කොන්දේසි බලපැවැත්වෙනු ඇති.

කිසියම් භාණ්ඩයක් පසුව මුදල් ගෙවීමේ පදනම මත ගැනීමට පාරිභෝගිකයෙකු විසින් කටයුතු කිරීමේදී ඔහුට හෝ ඇයට වාරික වශයෙන් එය ගෙවා දැමීමට හැකියාවක් ඇතිදැයි විමසා බැලීම අනිවාර්ය වනු ඇති.

අඛණ්ඩව වාරික ගෙවීම් පැහැර හරින පාරිභෝගිකයන්ට ඉදිරියේදී වෙනත් භාණ්ඩ මිළදී ගැනීම අවහිර කිරීමද ප්‍රධාන සංශෝධනයක් වනවා.

BNPL සේවා භාවිත කරන බොහොමයක් දෙනා වයස අවුරුදු 35 ට අඩු තැනැත්තන්වීමත් සැළකිය යුතු පිරිසකට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිවීමත් මෙහිදී අවධානය යොමුකර ඇති කරුණු අතර වනවා.

එමෙන්ම එක් අයෙකුට ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම වළක්වාලිය හැකි ක්‍රමවේදයක්ද ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතයි.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »