Search

පිටරටක රියදුරු බලපතට වික්ටෝරියා අවසරය මාස 06 කට සීමා කෙරේ

වෙනත් රටක රියදුරු බලපත්‍රයක් භාවිතයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේදී රිය ධාවනය කල හැකි උපරිම කාලය මාස 06 කට සීමා කර තිබෙනවා.

මෙතෙක් එය වසරක් ලෙස පැවති නමුත් නවතම සංශෝධනයට අනුව මාස 06 ඉක්මවන්නේ නම් වික්ටෝරියා ප්‍රාන්ත රියදුරු බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වනු ඇති.

මෙම කොන්දේසියට යටත්වන ඕනෑම අයෙකුට වික්ටෝරියා රියදුරු බලපත්‍රය ලබාගැනීම සම්බන්ධ සියලු විස්තර වික්රෝඩ්ස් (https://www.vicroads.vic.gov.au) වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තවාසී රියදුරන්ට ඩිජිටල් රියදුරු බලපත්‍රය ලබාදීම ලබන වසරේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහි මූලික අත්හදා බැලීමේ වැඩසටහනක් ලබන ජූලි මාසයේ සිට මාස 06 ක් පුරා බලරට් හිදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අනුව Service Victoria හෝ VicRoads ඇප්ලිකේෂන සමග ඒකාබද්ධව ඩිජිටල් රියදුරු බලපත්‍රය හඳුන්වාදීමටයි සැලසුම් කර ඇත්තේ.

පදිංචි ලිපිනය වෙනස් කිරීම හෝ බලපත්‍රය අත්හිටුවීම වැනි සියලු දෑ එසැණින් ඇප්ලිකේෂනවල යාවත්කාලීන වන ලෙස සකස් කෙරෙනු ඇති.

නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර හඳුන්වාදීම 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී සිදුකෙරුණා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පසුගිය මාසයේ සිට එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබුවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »