ලොව පුරා බිඳ වැටී තිබූ ඉන්ස්ටග්‍රම් සේවා යථා තත්වයට

ලොව පුරා බිඳ වැටී තිබූ ඉන්ස්ටග්‍රම් සේවා යථා තත්වයට පත්කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් පෙරවරු 08.20 පමණ සිට පරිශීලකයන් විසින් එම දෝෂ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේවෙතත් ඉන්ස්ටග්‍රම් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගමට අයත් අනෙකුත් ප්‍රධාන සමාජ ජාල වන වට්ස්ඇප් හෝ ෆේස්බුක් සඳහා මෙහිදී බලපෑමක් එල්ල වී තිබුණේ නැහැ.

ලොව පුරා කොපමණ සංඛ්‍යාවකට මෙම බිඳවැටීම හමුවේ බලපෑම් එල්ල වී තිබුණේද යන්න මෙතෙක් හෙළිකරගෙන නැහැ.

පසුගිය මාර්තු මාසයේදීත් ඉන්ස්ටග්‍රම් සේවාව පැය කිහිපයක් බිඳ වැටී තිබුණා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »