
ටස්මේනියා ප්‍රාන්තයේ Tranmere Point වෙරළ තීරයේ තිබී මියගිය ශ්‍රී ලාංකික තරුණයකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
අවුරුදු 18 ත් 25 ත් අතර වන අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
අද පස්වරු 01.30 ට පමණ අදාළ සිරුර හමුවී තිබෙනවා.

මරණයට හේතුව සහ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය නිවැරදිව තහවුරු කරගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.
සිද්ධිය පිළිඉඳ තොරතුරක් දන්නා අයෙකු වෙතොත් ඉදිරිපත් වන්නැයිද ටස්මේනියා පොලිසිය දන්වා සිටිනවා.
