ක්වීන්ස්ලන්ඩ් පවුල් දහස් ගණනකට නොමිළයේ Kindergarten ලබාදීමට යෝජනා

ලබන මාසයට යෙදී ඇති ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණය හරහා පවුල් දහස් ගණනකට Kindergarten ගාස්තු අය නොකර නොමිළයේ ලබාදීමට යෝජනාවී තිබෙනවා.

ඉහළ යන ජීවන වියදමට විසඳුමක් ලෙස හඳුන්වාදෙන සහන පැකේජයට එයද අන්තර්ගත වන බවයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ.

ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී සහ විවිධ රෝගාබාධවලින් පෙළෙන ළමුන් 14,000 ක් සඳහා දැනට Kindergarten ගාස්තු අයකිරීමක් සිදුවන්නේ නැහැ.

තවත් ළමුන් 26,000 කට පමණ එම සහනය ලබාදීම ප්‍රාන්ත රජයේ අපේක්ෂාව බවයි අගමැතිනිය කියාසිටියේ.

ලබන වසර සඳහා වන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණය ලබන ජූනි 13 වනදා ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »