Flu එන්නත ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු දරුවන්ගෙන් 1/10 යි

ශීත සෘතුව ආරම්භයට දින ළංවීමත් සමග ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ විසින් දෙමව්පියන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට අදාළ එන්නත මෙතෙක් දරුවන්ට ලබාදී නොමැති නම් වහා එය ලබාදෙන ලෙසටයි.

දැනට එම එන්නත ලබාගෙන ඇත්තේ දරුවන්ගෙන් 1/10 ක් පමණක් බව සඳහන්.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගීන් 40,000 කට වැඩි පිරිසක් වාර්තාවී ඇති අතර ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 01 ත් 14 ත් අතර පසුවන්නන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඉන්ෆ්ලුවන්සා රෝගී තත්වය බරපතල තත්වයට පත්වුවහොත් නියුමෝනියා තත්වය පවා ඇතිවිය හැකි බවයි වෛද්‍යවරුන් අපන්වා දෙන්නේ.

තම දරුවන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාදීමට දෙමව්පියන් අතුරින් 1/5 ක් එතරම් උනන්දුවක් නොදක්වන බවටද අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »