වික්ටෝරියා ප්‍රවේශපත්‍ර සමාගම ගැන මතභේදාත්මක අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශපත්‍ර කොන්ත්‍රාත්තුව භාරදී ඇති නව සමාගමට ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට මතභේදාත්මක අනාවරණයක් සිදුකර තිබෙනවා.

දැනට භාවිතයේ පවතින MyKi කාඩ්පත ලබන දෙසැම්බර් මාසයේ සිට වෙනස්කම් රැසකට භාජනය කිරීමට නියමිතයි.

ඩොලර් බිලියන 1.7 ක වටිනාකමින් යුත් මෙම කොන්ත්‍රාත්තුව හිමිවී ඇත්තේ අමෙරිකානු සමාගමකටයි.

කෙසේවෙතත් ඔවුන් සතුව තවමත් යන්ත්‍ර හෝ අදාළ තාක්ෂණික උපාංග නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත රජය අවධාරණය කරන්නේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයකින් අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමුණු බවයි.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »