වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 කට අවවාදාත්මක කාළගුණ අනතුරු ඇගවීමක්

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියා ප්‍රාන්තවලට බලපාන පරිදි අවවාදාත්මක කාළගුණ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඉදිරි පැය කිහිපය තුළදී එම ප්‍රාන්ත හරහා පැයට කිලෝමීටර් 125 ක වේගයෙන් සුළං හමා යා හැකි බවයි පැවසෙන්නේ.

මෙහි බලපෑම මත අදාළ ප්‍රාන්තවල දැඩි ශීතල කාළගුණයක් පැවතිය හැකි බවටද අනාවැකි පළවනවා.

ඒ අනුව මෙල්බන් හි අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ක් ලෙස පවතිනු ඇති.

සිඩ්නි හි උපරිම උෂ්ණත්වය අංශක 19 ක් සහ හෝබාට් හි උපරිම උෂ්ණත්වය අංශක 13 ක් වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

බ්‍රිස්බන් සහ ඩාර්වින් නගරවල උෂ්ණත්වය අංශක 22 සහ 23 ලෙස පැවතිය හැකියි.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »