
ඔස්ට්‍රේලියාවෙන් වෙනත් රටවලට ප්ලාස්ටික් වර්ග කිහිපයක් අපනයනය තහනම් කර පණවා තිබූ නියෝගය සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව දියර කිරි බෝතල් – එළවලු තෙල් ඇසුරුම් වැනි වර්ග කිහිපයක් නැවත සැකසුම් සඳහා විදේශයන් වෙත යැවීමට අවසර හිමිවනු ඇති.
දැනට ඔස්ට්‍රේලියාව තුළ ගොඩගැසී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයන් අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා බව සඳහන්.

වසරක කාලයක් සඳහා පමණක් මෙම අවසරය හිමිවනු ඇති.
වෙනත් රටවලට ප්ලාස්ටික් අපනයනය තහනම් කරමින් ඔස්ට්‍රේලියාව විසින් පළමුවරට තහනමක් පණවනු ලැබුවේ 2020 වසරේදීයි.
