ජෙට් ස්ටාර් වෙතින් දැවැන්ත වෙනසක්

ජෙට් ස්ටාර් ගුවන් සේවය විසින් ගුවන් ගමන්වලට අදාළ වේලාවන් සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ලබන 23 වනදා සිට මෙම නව සංශෝධන බලාත්මක වන බවයි ඔවුන් විසින් නිකුත් කර නිවේදනයක දැක්වෙන්නේ.

මේ අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා check in අවසන් කිරීමේ කාලය දැනට ගුවන් ගමනට විනාඩි 30 ක් පෙර ලෙස පවතින අතර එය විනාඩි 40 ක් ලෙස වෙනස් වනු ඇති.

අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා boarding gates වසා දැමීමේ කාලය දැනට ගුවන් ගමනට විනාඩි 15 ක් පෙර ලෙස පවතින අතර එය විනාඩි 20 ක් ලෙස සංශෝධනය වීමට නියමිතයි.

ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා check in අවසන් කිරීමේ කාලය විනාඩි 60 ක් ලෙසද boarding gates වසා දැමීමේ කාලය විනාඩි 20 ක් ලෙසද ලබන 23 වනදා සිට වෙනස් වන බව ජෙට් ස්ටාර් ගුවන් සේවය දන්වා සිටිනවා.

ගුවන් ගමන් නියමිත වේලාවට ආරම්භ කිරීම සහ ප්‍රමාදයන් මග හරවා ගැනීම මෙහි මූලික අපේක්ෂාව වී තිබෙනවා.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »