
ලබන 24 වනදා සිඩ්නි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ ක්වඩ් රාජ්‍ය නායක සමුලුව අවලංගු කර තිබෙනවා.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ගේ ඔස්ට්‍රේලියා සංචාරය අවලංගුවීම ඊට ප්‍රධාන හේතුව බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් නිවේදනය කලේ.
මේ අතර ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ද ක්වඩ් රාජ්‍ය නායක සමුලුවට නොපැමිණෙන බව මේ වනවිට නිවේදනය කර තිබනවා.

කෙස්වෙතත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සැළසුම් කර ඇති පරිදි ලබන 24 වනදා සිඩ්නි නුවරට ළගාවනු ඇති.
ලබන සති අන්තයේදී ජපානයේදී පැවැත්වෙන ජී-7 රාජ්‍ය නායක සමුලුවේදී තමා අමෙරිකා – ඉන්දීය සහ ජපාන රාජ්‍ය නායකයන් හමුවීමට බලාපොරොත්තු වන බවයි ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ.
