ඖෂධීය කංසා රෝග ගණනාවකට සාර්ථක ප්‍රතිකර්මයක් – ඔස්ට්‍රේලියාව හෙළිකර ගනී

ඖෂධීය කංසා භාවිතය ලෙඩ රෝග ගණනාවකට සාර්ථක ප්‍රතිකර්මයක් බව ඔස්ට්‍රේලියාවේදී සිදුකල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

පිළිකාව – මානසික රෝග වැනි රෝගාබාධ සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන් 3,000 ක් යොදා ගනිමිනුයි මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ.

කෙසේවෙතත් වෛද්‍ය නිර්දේශය මත පමණක් ඖෂධීය කංසා භාවිතයට ගත හැකි අතර ඔවුන් විසින් නියමිත මාත්‍රාව නිර්දේශ කල යුතුයි.

ඔස්ට්‍රේලියාව තුළ පළමුවරට ඖෂධීය කංසා භාවිතයට අවසර හිමිවූයේ 2016 වසරේදී වන අතර පසුගිය වසර 02 තුළදි අවසර ලබාදීම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණා.

මේ වනවිට 332,000 කට වැඩි පිරිසක් වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය කංසා භාවිතයට ගන්නා බව සඳහන්.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »