වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට මුද්දර ගාස්තු වෙනුවට ඉඩම් බදු ගෙවිය හැකි සංශෝධනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිළදී ගන්නන්ට මුද්දර ගාස්තු වෙනුවට ඉඩම් බදු මුදල් ගෙවිය හැකි පරිදි සංශෝධනයක් ගෙන ඒමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

මුද්දර ගාස්තු ක්‍රමය පිළිබඳ චෝදනා එල්ලවීමත් ප්‍රාන්තයේ නිවාස ගැටලුව කඩනමින් විසඳා ගත යුතුව තිබීමත් සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

පසුගිය වසරේදී මුද්දර ගාස්තු හරහා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් උපයාගනු ලැබූ ආදායම ඩොලර් බිලියන 10.4 ක් හෙවත් ප්‍රාන්ත රජයේ සමස්ත බදු ආදායමෙන් සියයට 34 කට ආසන්න වුණා.

ඔස්ට්‍රේලියාවේ වැඩිම බදු මුදල් ප්‍රමාණයක් ගෙවන ප්‍රාන්තවාසීන් වන්නේද වික්ටෝරියා ප්‍රාන්තවාසීන් වන අතර වසරකදී එක් අයෙකු විසින් ගෙවන බදු මුදල ඩොලර් 5,638 ක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

ලබන ජූලි පළමුවනදා සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයද මුද්දර ගාස්තු සංශෝධනය කර ඇති අතර ඒ අනුව පළමුවරට මිළදී ගන්නන් සඳහා ඩොලර් ලක්ෂ 08 ක උපරිමයකට යටත්ව නිවාස මුද්දර ගාස්තුවෙන් නිදහස් කෙරෙනු ඇති.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »