ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත බහුතරයක රිය අනතුරු මරණ ඉහළට

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් බහුතරයක රිය අනතුරු මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මාර්තු 31 වනදායින් අවසන් වූ මාස 12 ක කාලය තුළ නිවු සවුත් වේල්ස් සහ Northern Territory හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම මාරක රිය අනතුරු සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව වැඩිවීමකුයි සටහන් කර ඇත්තේ.

මෙම කාලය තුළදී රිය අනතුරු මරණ 1,204 ක් සටහන්වී ඇති අතර එය පෙර වසරට වඩා සියයට 5.9 ක ඉහළයාමක්ද වනවා.

මේ අනුව 2030 වසර වනවිට රිය අනතුරු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වනුයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට පමණක් වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රිය අනතුරු මරණ 281 ක් – වික්ටෝරියා හි 259 ක් – බටහිර ඔස්ට්‍රේලියා හි 180 ක් – දකුණු ඔස්ට්‍රේලියා හි 93 ක් – ටස්මේනියා හි 48 ක් – ACT හි 17 ක් සහ Northern Territory හි 37 ක් ලෙස ගතවූ මාස 12 දී රිය අනතුරු මරණ සටහන්වී තිබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »