ඔස්ට්‍රේලියාව තුළ විවිධ වංචා වළක්වාලීමට නව ජාතික මධ්‍යස්ථානයක්

ඔස්ට්‍රේලියාව තුළ විවිධ වංචා සහ ඔන්ලයින් මූල්‍ය අපරාධ වළක්වාලීම සඳහා නව ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

ඩොලර් මිලියන 86 ක ප්‍රතිපාදන වෙන් කර ඇති එය ලබන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇති.

Scam ඝනයට යටත්වන මූල්‍ය අපරාධ පැමිණිලි ක්ෂණිකව විමර්ශනය සහ සයිබර් ප්‍රහාරවල බලපෑම අවම කරගැනීම යනාදී කටයුතු කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

ලොව වැඩිම සයිබර් ප්‍රහාරවලට ගොදුරුවන ජාතියක් ලෙස ඔස්ට්‍රේලියානුවන් සැළකෙන අතර පසුගිය වසරේදී ඔවුන් විසින් එලෙස අහිමි කරගෙන ඇති මුදල ඩොලර් බිලියන 03 ක්.

එය 2021 වසර හා සැසඳීමේදී සියයට 80 ක පමණ ඉහළයාමක් බවයි පාරිභෝගික කොමිසම නිකුත් කර ඇති දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

ප්‍රධාන බැංකු 04 හි ගණුදෙනුකරුවන් 31,000 ක් විසින් පසුගිය මාස 12 දී විවිධ වංචා හමුවේ අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 558 ක් ලෙසටද තක්සේරු කර තිබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »