Telehealth උපදේශන සේවා සම්බන්ධීකරණය කිරීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සිය ඩිජිටල් සෞඛ්‍ය සේවාව වන Healthy life හරහා පාරිභෝගිකයන් සහ වෛද්‍යවරුන් සම්බන්ධ කෙරෙනු ඇති.
වෛද්‍ය සහතිකයන් සඳහා ඩොලර් 25 ක් – සාමාන්‍ය උපදේශනයක් වෙනුවෙන් ඩොලර් 45 ක් සහ පෝෂණ උපදෙස් වෙනුවෙන් ඩොලර් 115 ක මුදලක් මෙහිදී අය කිරීමට නියමිතයි.
Woolworths පවසන්නේ වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා නිවසින් බැහැරට යා නොහැකි රෝගීන් වෙත මෙමගින් විශාල පහසුවක් හිමිවන බවයි.
කෙසේවෙතත් වෛද්‍ය සංගම් කිහිපයක් චෝදනා කර ඇත්තේ අදාළ ගාස්තු ඉතා අධික බවටයි.