Search

ටෙස්ලා මාදිලි 02 ක් ඔස්ට්‍රේලියා වෙළඳපොළෙන් ඉවතට

ඔස්ට්‍රේලියාව සහ මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් කිහිපයක් සඳහා තවදුරටත් Model S සහ Model X වර්ගයේ මෝටර් රථ අලෙවි නොකිරීමට ටෙස්ලා මෝටර් රථ සමාගම තීරණය කර තිබෙනවා.

එම මාදිලිවල මෝටර් රථ සුක්කානම වම් පසින් පිහිටා තිබීමත් ඔස්ට්‍රේලියාව සහ මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් කිහිපයක ඒ සඳහා අවසර නොතිබීමත් ඊට හේතුවයි.

අදාළ මෝටර් රථවල සුක්කානම දකුණු පසින් නිෂ්පාදනය කිරීමට ටෙස්ලා සමාගම එකග වී නොමැති බව සඳහන්.

ඒ අනුව S සහ X වර්ගවල මෝටර් රථ තවදුරටත් ඔස්ට්‍රේලියානු සහ මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් කිහිපයක වෙළඳපොළ වෙත නිකුත් කෙරෙන්නේ නැහැ.

දැනටමත් එම මාදිලිවල මෝටර් රථ මිළදී ගැනීමට ඇණවුම් ලබාදි ඇති පාරිභෝගිකයන්ට මුලු මුදලම නැවත ලබාගැනීමට හෝ ටෙස්ලා හි වෙනත් මාදිලියක මෝටර් රථයක් ඇණවුම් කිරීමටද අවස්ථාව පවතිනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »