
වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවකයන්ගේ ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ආන්දෝලනාත්මක වාර්තාවක් ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.
2017 වසරේ මැයි මාසයේ සිට 2018 වසරේ ඔක්තෝබර් මාසය තෙක් කාලයට අදාළවයි මෙම පුද්ගලික දත්ත නිරාවරණය වීම සිදුවී ඇත්තේ.
කෙසේවෙතත් මෙම අභ්‍යන්තර වාර්තාව දැක ගැනීමට හැකිවී ඇත්තේ වික්ටෝරියා ගිලන් රථ සේවකයන්ට පමණක් වන අතර කිසිදු බාහිර පාර්ශවයකට ඊට පිවිසීමට හැකියාවක් නොමැති බව සඳහන්.

එහෙත් අවම වශයෙන් 4,000 කට ආසන්න පිරිසකට හෝ දැකගැනීමට හැකි මෙම වාර්තාව ප්‍රසිද්ධවීම සම්බන්ධයෙන් වික්ටෝරියා ගිලන් රථ සේවක සංගමය අප්‍රසාදය පළකර තිබෙනවා.
තමන් සමග සේවය කරන අනෙකුත් සේවකයන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම වික්ටෝරියා ගිලන් රථ සේවයේ වගකීම විය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
