මෙල්බන් ප්‍රදේශ 02 ක උපරිම වේගය 30 දක්වා අඩු කිරීමේ යෝජනාවක්

මෙල්බන් හි උප නාගරික කලාප 02 ක උපරිම රිය ධාවන වේගය පැයට කිලෝමීටර් 30 ක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

කොලින්ග්වුඩ් සහ ෆිට්ස්රෝයි ප්‍රදේශවල සියලු මාර්ග සඳහා බලාත්මක වන අයුරිනුයි යාරා නගර කවුන්සිලය විසින් මෙම යෝජනාව සළකා බලමින් සිටින්නේ.

මේ හරහා රිය අනතුරු මරණ සංඛ්‍යාව මෙන්ම අදාළ ප්‍රදේශවල රථවාහන තදබදයද අවම වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පැයට කිලෝමීටර් 40 ක උපරිම වේගයට වඩා පැයට කිලෝමිටර් 30 ක උපරිම වේගයේදී මාරක රිය අනතුරු සංඛ්‍යාව සියයට 06 කින් පමණ අඩුවනු ඇති බව සඳහන්.

මීට අදාළ ඡන්ද විමසීම යාරා නාගරික කවුන්සිලය විසින් ලබන අගහරුවාදා දිනයේදී පැවැත්වීමට නියමිතයි.

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »