
ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියානුවන් විසින් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් ඩොලර් බිලියන 33.5 ක වාර්තාගත භාණ්ඩ මිළදී ගැනීමක් සිදුකර තිබෙනවා.
එය පසුගි වසරේ අදාළ කාලසීමාව හා සැසඳීමේදී සියයට 17 ක් හෙවත් ඩොලර් බිලියන 4.9 ක ඉහළයාමක් ලෙසයි සටහන් වන්නේ.
දැනට ඔස්ට්‍රේලියාව තුළ භාවිත වන ක්‍රෙඩිට් කාඩ් සංඛ්‍යාව මිලියන 13 ඉක්මවා ඇති බව Finder ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙනවා.

පවතින ආර්ථික වාතාවරණය යටතේ අඩු පොළී අනුපාතිකයක් සහිත ක්‍රෙඩිට් කාඩ් වෙත යොමුවීමේ නැඹුරුවක් දක්නට ඇති බවද සඳහන්.
ඒ හරහා සමස්ත ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 1.1 ක පමණ මුදලක් වසරකදී ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.
