වෛරස් රෝග 03 ක් සඳහා එකවර පරීක්ෂා කල හැකි රැපිඩ් ඇන්ටිජන් කට්ටලයකට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය හෙවත් TGA විසින් අනුමැතිය දී තිබෙනවා.
කොවිඩ්19 – ඉන්ෆ්ලුවෙන්සා සහ Respiratory Syncytial Virus (RSV) යන වෛරස් රෝග 03 සඳහා මෙමගින් පරීක්ෂා කර ගත හැකිවීම විශේෂත්වයක්.
විනාඩි 15 ක් තුළදී ප්‍රථිඵලය ලබාගත හැකි අතර නිරවද්‍යභාවය සියයට 98 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.
ශීත සෘතුව එළැඹීමත් සමග ඉන්ෆ්ලුවන්සා රෝගීන් සංඛ්‍යාවෙහි වැඩිවිමක් අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
එබැවින් මෙම පරීක්ෂණ කට්ටලය අතිශ්‍ය වැදගත් බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
සියලු ඔසුසැල් හරහා මෙය මිළදීගත හැකි අතර එක් කට්ටලයක් ඩොලර් 17 කටත් කට්ටල 05 ක පැකට්ටුවක් ඩොලර් 64 කටත් මිළදී ගත හැකියි.