ප්‍රධාන බැංකු 03 ක් පොළී අනුපාත ඉහළ නංවයි

ෆෙඩරල් සංචිත බැංකුව විසින් සිදුකල පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමට සමගාමීව ප්‍රධාන බැංකු 03 ක් විසින් සිය පොළී අනුපාතිකයන් ඉහළ දමන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලබන 16 වනදා සිට සිය නිවාස ණය පොළී අනුපාතිකයන් සියයට 0.25 කින් ඉහළ දමන බවයි වෙස්ට්පැක් බැංකුව අද නිවේදනය කර සිටියේ.

ඔවුන්ගේ අවම නිවාස ණය පොළිය මේ අනුව සියයට 5.49 දක්වා ඉහළ යනු ඇති.

ANZ බැංකුව සහ NAB බැංකුව ලබන 12 වනදා සිට පොළී අනුපාතික අගයන් වැඩි කරන බවයි මේ වනවිට නිවේදනය කර ඇත්තේ.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන බැංකුව වන කොමන්වෙල්ත් බැංකුව පොළී අනුපාතික අගයන් ඉහළ දමන දිනයක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ.

සියයට 07 ක්ව පවතින උද්ධමනය පාලනය කර ගැනීමේ අරමුණ ඇතිවයි ෆෙඩරල් සංචිත බැංකුව විසින් අගය සියයට 3.85 ක් දක්වා ඉහළ නැංවීමට පසුගිය අගහරුවාදා දිනයේදී පියවර ගනු ලැබුවේ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »