Search

NSW ක්‍රීඩා වවුචර කාලය දිගු කරන්නැයි ඉල්ලීමක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් සිසුන් සඳහා ලබාදී ඇති ක්‍රීඩා වවුචර්වල වලංගු කාලය තවත් දීර්ඝ කරන්නැයි ප්‍රාන්ත රජයට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

වාර්ෂික ක්‍රීඩා හෝ බාහිර ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට දැනට පාසල් සිසුන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන් සඳහා ඩොලර් 100 ක වවුචරයක් හිමිවනවා.

එහි වලංගු කාලය ලබන ජූනි 30 වනදායින් අවසන්වීමට නියමිත අතර එම සහනය අඛණ්ඩව ලබාදෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

මෙම වසර ආරම්භ වනවිට ඩොලර් මිලියන 480 ක වවුචර් භාවිතයට ගෙන ඇති බවයි ප්‍රාන්ත විපක්ෂය පවසන්නේ.

එහෙත් නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් පවසන්නේ පැවති ලිබරල් රජය විසින් ඒ සඳහා වෙන් කර ඇත්තේ ඩොලර් මිලියන 130 ක මුදලක් පමණක් බවයි.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »