e-දුම්වැටි සීමා හමුවේ සාමාන්‍ය දුම්වැටි අලෙවිය වැඩිවන ළකුණු

ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහා ෆෙඩරල් රජය විසින් පැණවීමට සූදානම් වන නව සීමා හමුවේ සාමාන්‍ය දුම්වැටි අලෙවිය කැපී පෙනෙන අගයකින් ඉහළ යනු ඇති බවට මත පළවනවා.

දුම්කොළ බදු ඉහළ දැමීමෙන් පසු දුම්වැටි මිළ ගණන් කැපී පෙනෙන අගයකින් ඉහළ යාමට නියමිත වුවද බොහෝ පිරිසක් නැවතත් ඊට යොමුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඉලෙක්ට්‍රොනික දුම්වැටි දැඩි නියාමනයකට යටත් කිරීමටත් ආනයනය කෙරෙන සියලුම දුම්වැටි දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටත් ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඉදිරි වසර 03 සඳහා වසරකට සියයට 05 බැගින් දුම්කොළ බදු ඉහළ දැමීමටද ෆෙඩරල් රජය සැළසුම් කර තිබෙනවා.

ඒ හරහා උපයා ගැනීමට අපේක්ෂිත බදු ආදායම ඩොලර් බිලියන 3.3 ක්.

තෝරාගත් වර්ග කිහිපයක ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයනය තහනම් කෙරෙන අතර විවිධ රසයන් සහිත හෝ නිකොටීන් අධි ප්‍රමාණයන් සහිත e-දුම්වැටි ගෙන්වීමට සීමා පැණවෙනු ඇති.

ඉදිරි ෆෙඩරල් අයවැයෙන් මේ සඳහා වෙන් කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 234 ක්.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »