MasterChef විනිසුරු Jock Zonfrillo මෙල්බන් හිදී මියයයි

ඔස්ට්‍රේලියාව පුරා අතිශය ජනප්‍රිය MasterChef වැඩසටහනේ විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරන ප්‍රවීණ සූපවේදී ජොක් සොන්ෆ්‍රීලෝ මෙල්බන් නුවරදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 46 ක් බවයි පවුලේ ඥාතීන් සඳහන් කලේ.

මෙම හදිසි මරණයට හේතුව මේ දක්වා අනාවරණය වී නැහැ.

MasterChef වැඩසටන් මාලාවේ නවතම අධියර අද රාත්‍රියේ සිට විකාශය ආරම්භ කිරීමටයි නියමිත වූයේ.

කෙසේවෙතත් ජොක් සොන්ෆ්‍රීලෝ ගේ හදිසි මරණය හමුවේ එය ලබන සතිය දක්වා කල් දැමීමටයි නිෂ්පාදකයන් තීරණය කර ඇත්තේ.

ස්කොට්ලන්තයේ උපත ලබා ඇති ජොක් සොන්ෆ්‍රීලෝ MasterChef ඔස්ට්‍රේලියා සමග සම්බන්ධවී ඇත්තේ 2019 වසරේදීයි.

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »