ලබන සතියේ අයවැයෙන් බදු වැඩි කිරීම් කිහිපයක්

ලබන 09 වන අගහරුවාදා ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයේදී වැඩිම අවධානයක් යොමු කෙරෙනුයේ ජීවන වියදම පාලනයට බව භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

දේශීය මෙන්ම විදේශීය සාධකවල බලපෑම හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය – ඉන්ධන සහ නිවාස කුළී ගාස්තු අවම කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටයි ෆෙඩරල් රජයට දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් වන්නේ.

මේ අතර අයවැයට ඇතුළත් වනු ඇති බවට අනාවැකි පළවන සංශෝධන කිහිපයක් පිළිබඳවද වාර්තා පළවී තිබෙනවා.

ඒ අනුව ඉහළ ආදායම් ලබන්නන්ගෙන් අය කෙරෙන බදු ප්‍රතිශත අගයන් ඉහළ දැමෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සුපර් ඇනයුෂන් අරමුදලේ ශේෂය ඩොලර් මිලියන 03 ට වැඩි පුද්ගලයන්ගෙන් අය කෙරෙන බදු ප්‍රතිශතය සියයට 15 සිට 30 දක්වා වැඩි කරන බව ෆෙඩරල් රජය දැනටමත් ප්‍රකාශයට පත් කර අවසන්.

2025 වසරේ සිට බලාත්මක වන එය ඔස්ට්‍රේලියානුවන් 80,000 කට පමණ බලපානු ඇති බව සඳහන්.

බලශක්ති ගාස්තු – ඖෂධ මිළ අඩු කිරීම මෙන්ම ආරක්ෂාව සඳහා අමතර ප්‍රතිපාදන වෙන් කිරීමද මෙවර අයවැයට ඇතුළත් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »