විවාහයට $ මිලියනයක් වැය කල ඔස්ට්‍රේලියාවේ ගුවන් විදුලි නිවේදකයා

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය ගුවන් විදුලි නිවේදකයෙකු වන 51 හැවිරිදි කයිල් සැන්ඩිලෑන්ඩ්ස් (Kyle Sandilands) ගේ විවාහ මංගල්‍යයේ වියදම අනාවරණය කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා සිඩ්නි හිදී පැවති මෙම උත්සවයට අගමැති ඇන්තනී ඇල්බනීස් – නිවු සවුත් වේල්ස් ආණ්ඩුකාර ක්‍රිස් මින්ස් ඇතුලු විශාල පිරිසක් සහභාගී වුණා.

විවාහ උත්සවයේ දළ වියදම ඩොලර් මිලියනයක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

මල් සඳහා ඩොලර් 150,000 ක් – විවාහ උත්සවයේ කේක් එක සඳහා ඩොලර් 9,400 ක් – විනෝදාත්මක කටයුතු සඳහා ඩොලර් ලක්ෂයක් සහ ඇඳුම් සඳහා ඩොලර් 15,000 ක් පමණ වැය කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් මංගල මුදුව ඇතුලු තවත් දෑ කිහිපයක් සඳහා අනුග්‍රාහකයන් ඉදිරිපත් වී සිටි බවටයි වාර්තා වන්නේ.

මේ අතර මෙම විවාහ උත්සවයට සහභාගීවීම සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස්ට පාර්ශව කිහිපයක් චෝදනා ද එල්ල කර තිබෙනවා.

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »