සෞඛ්‍ය වෘත්තික ලිංගික හිංසන පැමිණිලි ගැන පූර්ණ විමර්ශනයක්

ඇතැම් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය වෘත්තිකයන් විසින් ලිංගික හිංසන සිදුකරන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවට ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සහතික වනවා.

මෙරට මාධ්‍ය ආයතන කිහිපයක් විසින් මාස 06 ක් පුරා සිදුකරන ලද ගවේෂණාත්මක අනාවරණයකදීයි මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ ඇතැමුන් ලියාපදිංචි සෞඛ්‍ය වෘත්තිකයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සෞඛ්‍ය සේවක සේවිකාවන් පමණක් නොව රෝගීන් පවා විවිධ ආකාරයේ හිංසනවලට ලක්වී ඇති බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙම තත්වය වළක්වාලීම සඳහා ප්‍රාන්ත රජයන් මට්ටමින් පමණක් නොව ෆෙඩරල් රජයේ මට්ටමින් හැකි උපරිම නීති සංශෝධනයක් සිදුකරන බවටයි ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සහතික වන්නේ.

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »

අසභ්‍ය වෙබ් අඩවිවලින් ළමයින් බේරා ගන්න අලුත් වැඩක්

කුඩා ළමයින් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශණ නැරඹීම අවම කිරීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »