සෞඛ්‍ය ගැටලු නිසා පාසල් නොඑන ඔස්ට්‍රේලියානු සිසුන් ඉහළට

මානසික සෞඛ්‍ය ගැටලු සහ විවිධ රෝගාබාධ හමුවේ පාසල් පැමිණිමෙන් වැළකී සිටින සිසුන් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.

පසුගිය වසරේදී ප්‍රාථමික පාසල් සිසුන්ගේ පාසල් පැමිණිමේ ප්‍රතිශතය සටහන්වී ඇත්තේ සියයට 87.8 ක් ලෙසයි.

එය 2021 වසර හා සැසඳීමේදී සියයට 4.5 ක පහළයාමක් බවයි සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

උසස් පාසල්වල පැමිණිමේ ප්‍රතිශතය සටහන් වී ඇත්තේ සියයට 84.7 ක් ලෙස වන අතර එය 2021 වසර හා සැසඳීමේදී සියයට 4.1 ක පහළයාමක්.

වැඩිම පහළයාම ACT ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එය සියයට 6.1 ක්.

දකුණු ඔස්ට්‍රේලියාව – වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් යන ප්‍රාන්ත සියල්ල සියයට 05 කට වැඩි පහළයාම් වාර්තා කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රේණි වශයෙන් සැළකීමේදී වැඩිම නොපැමිණිම් ප්‍රතිශතයක් වාර්තා වන්නේ 10 – 11 සහ 12 යන ශ්‍රේණිවල සිසුනුයි.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »