
කොවිඩ් සමයේ අතිශය ජනප්‍රිය වූ ඔස්ට්‍රේලියාවේ ආහාර බෙදාහැරීමේ සේවාවක් වන Providoor සිය මෙහෙයුම් නතර කර තිබෙනවා.
ඔවුන් ආර්ථික වශයෙන් බංකොළොත් තත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට හේතුවයි.
ඒ අනුව අද සිට ආහාර ඇණවුම් භාර ගැනීම නතර කල බව ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

2020 වසරේ කොවිඩ් වසංගතය ආරම්භයේදී මෙම සේවාව ආරම්භ කෙරුණේ මෙල්බන් සහ සිඩ්නි නගරවාසීන් ඉලක්ක කරගෙනයි.
පසුව එය බ්‍රිස්බන් නගරයටද ව්‍යාප්ත කෙරුණා.
