රැකියාවක් ලෙස ලිංගික කටයුතුවල නිරතවීම නීතිගත කරන්න ක්වීන්ස්ලන්ඩ් සැරසෙයි

රැකියාවක් ලෙස ලිංගික කටයුතුවල නිරතවීම අපරාධයක් නොවන නීත්‍යානුකූල ක්‍රියාවක් ලෙස පිළිගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට නිර්දේශයක් ලැබී තිබෙනවා.

දැනට ප්‍රාන්තයේ පවතින නීති අනුව ලිංගික ශ්‍රමිකයන්ට අදාළ සේවා කටයුතු සැපයීමට හැකිවනුයේ ප්‍රාන්ත රජය සමග ලියාපදිංචි වී ඇති ස්ථාන 20 කදී පමණයි.

කිසියම් ආකාරයකින් මෙම නිර්දේශ ඇතුළත් යෝජනාවලිය ක්වීන්ස්ලන්ඩ් රජය විසින් පිළිගතහොත් ඕනෑම ස්ථානයක සිට සිය කටයුතු සිදුකරගෙන යාමට ලිංගික ශ්‍රමිකයන්ට අවස්ථාව උදාවනවා.

ඒ අනුව ලිංගික ශ්‍රමය සපයන්නන් අනෙකුත් රැකියාවල නිරත වන්නන් හා සමානව සැළකිය යුතු බවටත් ඔවුන්ට නිදහසේ සිය කටයුතු පවත්වාගෙන යාමටත් ඉඩකඩ පැවතිය යුතු බවටද ක්වීන්ස්ලන්ඩ් නීති ප්‍රතිසංස්කරණ කොමිසම විසින් ප්‍රාන්ත රජයට ලබාදී ඇති මෙම වාර්තාවට අන්තර්ගතයි.

ලිංගික සේවා සම්බන්ධ දැන්වීම් රූපවාහිනී ඇතුලු ප්‍රසිද්ධ මාධ්‍යයේ පළකිරීම වළක්වාලමින් පණවා ඇති නීති වහා ඉවත් කළ යුතු බවටද මෙම වාර්තාව යෝජනා කරනවා.

එමෙන්ම ගැණුම්කරුවන් මුවාවෙන් පැමිණ පොලිස් නිළධාරීන් විසින් සිදුකරන වැටලීම් වහා නතර කල යුතු බවටයි එමගින් තවදුරටත් නිර්දේශ කර ඇත්තේ.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »