මැයි වනවිට cash rate අගය උපරිම අගයකට

මැයි මාසය වනවිට ඔස්ට්‍රේලියාව තුළ cash rate අගය සියයට 3.85 ක උපරිම අගයකට ඉහළ යනු ඇති බවට අනාවැකි පළකරනවා.

දැනට එම අගය සියයට 3.60 ක් ලෙස පවතින අතර මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා සියයට 3.85 ක උපරිම අගයේ පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

2024-2025 කාලසීමාවේදී අවස්ථා 07 කදී cash rate අගය පහළ යනු ඇති බවත් 2025 වසරේ සැප්තැම්බර් මාසයේදී එය සියයට 2.35 ක අගයක් දක්වා පහළ යනු ඇති බවයි වෙස්ට්පැක් බැංකුව අනාවැකි පළකරන්නේ.

ඉදිරි මාස 03 ක කාලය ඔස්ට්‍රේලියානුවන්ට ඉතා දුෂ්කර කාලසීමාවක් වනු ඇති බවයි වෙස්ට්පැක් බැංකුව නිකුත් කර ඇති ආර්ථික වාර්තාවක සඳහන් වන්නේ.

අඛණ්ඩව අවස්ථා 10 කදී cash rate අගය ඉහළ දැමීමටයි ෆෙඩරල් සංචිත බැංකුව පියවර ගත්තේ.

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »