බර අඩු කර ගන්න ඔස්ට්‍රේලියානුවන් ගන්නා ඖෂධ පිළිබඳ අධ්‍යයනයක්

ස්ථූලභාවය අවම කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් විසින් ගන්නා ඖෂධ පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා.

ෆෙඩරල් රජය සහ ඩීකින් විශ්ව විද්‍යාලය ඒකාබද්ධවයි මෙය සිදුකරනු ලබන්නේ.

තරබාරු බව අඩු කර ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ඖෂධ පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව සඳහන්.

මීට අදාළව නිකුත් කර ඇති ඇතැම් මාර්ගෝපදේශ 2013 වසරේ සිටම වෙනස්වී නොමැති බවටයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහණයෙන් 1/3 ක් එනම් මිලියන 12.5 ක් පමණ ස්ථුලභාවයෙන් පෙළෙන බවටයි පසුගියදා නිකුත් වු වාර්තාවක සඳහන් වූයේ.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »