වික්ටෝරියා තවත් ඉදි කිරීම් සමාගමක ව්‍යාපාර අඩාල වෙයි

වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් තවත් ඉදි කිරීම් සමාගමක ව්‍යාපාර කටයුතු අඩාල වී තිබෙනවා.

Mahercorp නම් මෙම සමාගම විසින් සිය ගණුදෙනුකරුවන් වෙත යවා ඇති ලිපියකයි මේ බව සඳහන් වන්නේ.

කෙසේවෙතත් මෙය බංකොළොත්වීමක් නොවන බවත් සති 05 කට ආසන්න කාලයක් සඳහා ඉදි කිරීම් 730 ක් පමණ අත්හිටුවීමක් පමණක් බවත් එහි සඳහන්.

ඉදිරියේදී වෙනත් පාර්ශවයක් විසින් Mahercorp හි හිමිකාරීත්වය අත්කර ගනු ඇති බවයි එහි දක්වා ඇත්තේ.

ඉදි කිරීම් අමුද්‍රව්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළයාම මීට හේතුව ලෙස ඔවුන් සඳහන් කර තිබෙනවා.

පෝටර් ඩේවිස් ඉදිකිරීම් සමාගම කඩා වැටී සති කිහිපයක් තුළ මෙවැනි සිදුවීමක් වාර්තාවූ 02 වන අවස්ථාව මෙයයි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »