ඔස්ට්‍රේලියාවේ සියලු නගරවල ජනගහණය කොවිඩ් වසංගතයට පෙර තත්වයට

POPULATION

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල ජනගහණය කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වයට ආසන්න වී තිබෙනවා.

2021-22 කාලසීමාවේදී සමස්තයක් ලෙස ජනගහණය 205,400 කින් වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

2018-19 වකවානුවේදී එය 277,400 ක් ලෙසද, 2019-20 වකවානුවේදී 217,000 ක් ලෙසද පැවති බව සඳහන්.

2021-22 වසරට අදාළව වැඩිම ජනගහණ වර්ධනයක් සටහන් වන්නේ බ්‍රිස්බන් නගරයෙන් වන අතර එය 59,200 ක්.

පුද්ගලයන් 55,000 ක වැඩිවීමක් සමග මෙල්බන් 02 වන ස්ථානයටත් – පුද්ගලයන් 37,300 ක වැඩිවීමක් සමග සිඩ්නි 03 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

අඩුම ජනගහණ වර්ධනය ඩාර්වින් නගරයෙන් වාර්තා වන්නේ 780 ක් වැනි සුලු පිරිසකගේ වැඩිවීමක් සමගිනුයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »