වික්ටෝරියා ප්‍රාන්තයේ Bendigo ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ ළමුන් 4 දෙනෙකු අතුරුදහන්!

වික්ටෝරියා ප්‍රාන්තයේ Bendigo ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ ළමුන් 4 දෙනෙකු අතුරුදහන්!

Nine-month-old baby among four children missing from Bendigo!

Shannon Turner නැමති පුද්ගලයෙකු සමඟ​ වයස අවුරුදු 3, 11 සහ 10  පිරිමි ළමුන් තිදෙනෙක් සහ මාස නවයක් වයසැති ගැහැණු ළමයෙක් සෙනසුරාදා(31/10) දහවල් 12.30 ට පමණ Bendigoහිදී අවසන් වරට දැකගත හැකි විය.

ඔවුන් අවසන් වරට දුටුවේ Quarry Hill හි Hamlet වීදියේ ය. ඔවුන් 1SI4EZ අංක තහඩු සහිත කළු Mitsubishi Challenger වාහන​යක ගමන් කරන බව විශ්වාස කෙරේ.

ඔවුන්ව සෙවීම සඳහා හදිසි සෝදිසි කිරීමක් සිදු වෙමින් පවතී. Shannon Turnerගේ ඡායාරූපයක් සමාජගත කොට​ පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් දුටුවහොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසයි. 

Shannon Turner

ඔහුව දකින ඕනෑම කෙනෙකුට වහාම “000” දුරකතන අංකයට​ අමතන්නැයි ඉල්ලා සිටී.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »