ගතවූ පැය 24 තුළදී මෙල්බන් නගරයේ විවිධ අපරාධ සම්බන්ධයෙන් බාලවයස්කාර 04 දෙනෙකු සහ දැරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් BMW මෝටර් රථයක් සහ Audi වර්ගයේ මෝටර් රථයක් ද සොරකම් කර ඇති බවයි පැවසෙන්නේ.
අනතුරුව මොවුන් එම මෝටර් රථ යොදාගෙන අධි වේගයෙන් ධාවනය කර තවත් මෝටර් රථවලට හානි කර ඇති අතර නිවාස කිහිපයක වීදුරුවලටද පහරදී විනාශ කර තිබෙනවා.
මොවුන් Dandenong – Cantani – Springvale South – Hallam යන ප්රදේශවල පදිංචිකරුවන් වනවා.
ඔවුන් ඉදිරි දිනයකදී ළමා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.