
MFAA හෙවත් Mortgage and Finance Association of Australia විසින් පවත්වන 2023 Residential Finance Broker සම්මානය සඳහා මෙරට මූල්‍යකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන JETT Finance හි නිර්මාතෘ – ප්‍රධාන විධායක නිළධාරී හසිත ධර්මසේන නිර්දේශ වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් අවසාන වටයට තෝරාගෙන ඇති 05 දෙනා අතුරින් ඔහුද එක් අයෙකු වීම විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියාව පුරා මූල්‍යකරණ ක්ෂේත්‍රයේ නියෝජිතයන් 14,000 කට වැඩි පිරිසක් සාමාජිකත්වය දරන MFAA සැළකෙන්නේ මෙරට නිවාස ණය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් අනුමැතිය ලබාගත යුතු ඉහළම ආයතනයක් ලෙසයි.

එමගින් පිරිනමන මෙවැනි සම්මානයක අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම පවා අතිශය අසීරු කරුණක් වන අතර මූල්‍යකරණ ක්ෂේත්‍රයේ විශ්වාසනීයම සහ ඉහළම වගකීමක් සහිත මූල්‍ය නියෝජිතයන්ට පමණක් එම අවස්ථාව උදාවනවා.
වසර 15 කට වැඩි ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත හසිත ධර්මසේන පසුගිය වසර තුළදීත් ඇගයීම් රාශියකින් පිදුම් ලැබුවා.

Commonwealth බැංකුවෙන් මූල්‍ය ආයතන වෙත පිරිනමන ඉහළම “Platinum broker”ලෙස නම් කිරීම ද ඒ අතර වනවා.
2022 වසරට අදාළව වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා ප්‍රාන්ත සඳහා වන මූල්‍යකරණ විශේෂඥයා හෙවත් VIC/SA/TAS Broker of the Year 2022 සම්මානය ඔහුට පිරිනමනු ලැබුවේ Specialist Finance Group සමූහය විසිනුයි.
මෙම සම්මාන උළෙල ඔස්ට්‍රේලියාවේ මූල්‍යකරණ ක්ෂේත්‍රයට අදාළව පවත්වන ඉහළම සම්මාන උළෙලක් ලෙස සැළකෙනවා.
එමෙන්ම පසුගිය මැයි මාසයේ පැවති My Local Broker 2021 වාර්ෂික සම්මාන උළෙලේදී සම්මාන 03 කින් ජෙට් ෆයිනෑන්ස් සමූහය සහ එහි නිර්මාතෘ – ප්‍රධාන විධායක නිළධාරී හසිත ධර්මසේන පිදුම් ලැබුවා.